පාස්කු ප්‍රහාරයට පෙර සහරාන් සහ රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අතර පුත්තලමේ රහස් හමුවක් තමන් සංවිධානය කළ බවත් පාස්කු ප්‍රහාරය දා මේජර් ජෙනරාල් සලේ දුරකතනයෙන් අමතා ටාජ් සමුද්‍ර හෝටලයෙන් කෙනකු රැගෙන යන ලෙස ඉල්ලා සිටි බවත් බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව ඒ ගැන කට පියාගෙන ඉන්නා ලෙස බන්ධනාගාර ගතව සිටි පිල්ලයාන් තමන්ට අනතුරු ඇඟවූ බවත් චැනල් 4 නාලිකාව විකාශනය කළ Sri Lanka’s Easter Bombings ගවේෂණාත්මක වාර්තා චිත්‍රපටය සඳහා සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ විශ්වාසවන්තයකු වූ හන්සීර් අසාද් මවුලානා ප්‍රකාශ කර තිබුණි.
කෙසේ නමුත් හමුදා බුද්ධි නිලධාරීයකු වන මීරාලෙබ්බේ කලීල් නොහොත් සුරේෂ් , මංජුල ,සලාම්, යන අන්වර්ථ නාමයන් ඇති පුද්ගලයා හන්සීර් අසාද් මවුලානාගේ ඉහත ප්‍රකාශ අසත්‍ය බවට ප්‍රකාශ ලබා දෙන ලෙස කාත්තන්කුඩි ප්‍රදේශයේ පුද්ගලයින් කිහිපදෙනකු මුණගැසී බලකරන ලද බව වාර්තා වෙයි.
හමුදා බුද්ධි නිලධාරීයකු වන මීරාලෙබ්බේ කලීල්
නම් බුද්ධි නිලධාරියා ජෝසප් පරරාජසිංහම් මරා දැමීම සම්බන්ධ නඩුවේ පිල්ලෙයාන් සමග චෝදනා ලැබූ පස් දෙනාගෙන් අයෙකි.