ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතියේ ඇතිවූ හදිසි තාක්ෂණික දෝෂය මේ වන විට සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කර ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.
නියෝජ්‍ය පාලක හා මාධ්‍ය ප්‍රකාශක මහේෂ් කරුණාදාස මහතා සඳහන් කළේ, දෝෂය හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ සේවා නැවත ආරම්භ කර ඇති බවයි.
ඒ අනුව ගුවන් බලපත්‍ර, ගමන් බලපත්‍ර, එක්දින ගමන් බලපත්‍ර සහ වීසා නිකුත් කිරීමේ කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි සිදුකරමින් පවතින අතර ශාඛා ජාලයන්හි සේවාවන්ද යථා තත්ත්වයට පත් කර ඇත.
පසුගියදා (12) දත්ත පද්ධතියේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් සියලුම ශාඛාවන්හි සේවාවන් අඩාල වූ අතර එය යථා තත්ත්වයට පත් කිරීමට විශේෂ තාක්ෂණික කමිටුවක් පියවර ගත් බවද දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

