Sunday, December 21, 2025
Homeදේශපාලනආණ්ඩුව පෙරලෙයි කියා පොහොට්ටුවන්ට තව ඇමතිකම්

ආණ්ඩුව පෙරලෙයි කියා පොහොට්ටුවන්ට තව ඇමතිකම්

ආණ්ඩුව පෙරලෙයි කියා පොහොට්ටුවන්ට තව ඇමතිකම්
මීළඟ අයවැය පාර්ලිමේන්තුව ඉදිරිපිට ඉදිරිපත් කිරීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකුට අමාත්‍යධුර හිමිවනු ඇති බව වාර්තා වෙයි.

පොදුජන පෙරමුණ දිස්ත්‍රික් නායකයන්ට හා ජ්‍යෙෂ්ඨයනට අමාත්‍ය ධුර ලබා දෙන්නැයි අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් කළ ද එය මෙතෙක් ඉටු වී නැත.

පොදුජන පෙරමුණ මහා ලේකම්වරයාද මේ ගැන අවස්ථා ගණනාවකදීම ලිඛිතව ඉල්ලීම් කර තිබිණි.

මේ හේතුවෙන් පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්්‍යඨයන් පසුගිය කාලයේදී මාධ්‍ය හමුවේ කලකිරීමෙන් යුතුව අදහස් දක්වනු දැකිය හැකි විය.

කෙසේ නමුත් ඔවුන් ආණ්ඩුවට සහය දැක්වීම නැවැත්තුවොත් ආණ්ඩුව අර්බුදයට යන නිසා ඔවුන්ට අමාත්‍ය ධුර ලබාදීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments