ආණ්ඩුව පත්වී වසරක් ගෙවී ගියත් රැකියා ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, තරුණ තරුණියන්ගේ ප්‍රශ්න විසඳී නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“මේ කරන සංවර්ධන ව්‍යාපෘති ගමට ගලා යන්න ඕනෙ. එවිට ගමේ ජනතාව අතරට මුදල් ගලා යනවා. එලෙස ගමේ ජනතාව අතර මුදල් සංසරණය වී ප්රතිලාභ ලැබෙන්න ඕනෙ. අපි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ විශේෂයෙන් බැසිල් රාජපක්ෂ මහතා සමඟ එකතු වී අපේ බලාපොරොත්තුව තිබුණේ අපේ ආර්ථිකය ඉහළින් ප්‍රසාරණය කිරීම සහ පහළින් ප්‍රසාරණය කිරීමයි. අපි එය ප්‍රායෝගිකව කළා. එවිට ගමේ පුංචි කෙනා පුංචි විදිහට හොරා කනවා කිව්වා. ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයාගේ සිට දේශපාලනඥයා හොරා කනවා කිව්වා. දේශපාලනඥයාගේ වටේ සිටින ව්‍යාපාරිකයන් ටික හොරා කනවා කිව්වා. සංවර්ධන ව්‍යාපෘතිය සමානයි හොරා කෑම කියන මාතෘකාව ගෙනාවේ අපට හොරා හොරා කියන ලේබලය ඇලවීමටයි. ගමේ ජනතාවගේ ආර්ථිකය සවිමත් විය යුතුයි කියලා ජනාධිපතිවරයා කියනවා. ජනාධිපතිවරයාටත්, ඔහුගේ 159 කණ්ඩායමටත් මේ ආර්ථික ක්‍රියාවලිය තේරුම් යෑම පිළිබඳව අපි හදවතින්ම සතුටු වෙනවා.
සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ටත්, ස්වයං රැකියා කරන පිරිසටත් පොලී රහිත ණය යෝජනා ක්‍රමයක් සූදානම් කරන බවටත්, ඇප නැති ණයදීමේ වැඩසටහනක් කරන බවටත් තව පොරොන්දුවක් දුන්නා. මේවා හොඳ වැඩ. ඒ හොඳ පොරොන්දු ඉෂ්ට කරන්න