Friday, February 13, 2026
Homeදේශීයආනයනය කරන වාහන සඳහා අප්‍රේල් 1 සිට 2.5%ක නව බද්දක්

ආනයනය කරන වාහන සඳහා අප්‍රේල් 1 සිට 2.5%ක නව බද්දක්

ආනයනය කරන වාහන සඳහා අප්‍රේල් 1 වැනිදා සිට 2.5%ක නව බද්දක් හඳුන්වා දී ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අරෝෂ රොද්‍රිගෝ මහතා පැවසීය.

මෙම බද්ද 2026 අයවැයෙන් අනුමත කර ඇති අතර දැනට නිෂ්කාශනය වෙමින් පවතින වාහන සඳහා එය බල නොපාන බවද ඔහු සඳහන් කළේය. අදාළ බදු අයකිරීම රේගුවේදී සිදු කෙරෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

නව බද්ද හේතුවෙන් වාහන මිලේ සැලකිය යුතු වැඩිවීමක් සිදුවනු ඇති බවත්, උදාහරණයක් ලෙස ලක්ෂ 100ක් වටිනා වාහනයක මිල ලක්ෂ දෙක හමාරකින් පමණ ඉහළ යා හැකි බවත් ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් පසුගිය කාලයේ බලපෑම්වලින් අනතුරුව මේ වනවිට වාහන මිලදී ගැනීමේ උද්යෝගයක් පවතින බවද හෙතෙම සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments