Sunday, February 15, 2026
Homeදේශීයආනයනික අර්තාපල් බද්ද ඉහළට

ආනයනික අර්තාපල් බද්ද ඉහළට

ආනයනික අර්තාපල් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

ඊයේ (08) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ බදු මුදල් ඉහළ දමා ඇති බව වාර්තා වේ.

ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 20ක්ව පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බදු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇති බව වාර්තා වේ.

මේ අතර ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් සමරුම නිමිත්තෙන් නිකුත් කළ සංසරණය සඳහා නොවන සමරු කාසිය අලෙවි කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments