රටේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය දින 10ක කාලය තුළ ආපදා මරණ 31ක් සිදුවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
නොවැම්බර් 17 සිට අද (27) දක්වා දිස්ත්‍රික්ක 17ක් ආපදාවට ලක්ව ඇති අතර, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 79ක් ආපදාවට ලක්ව තිබේ.
මෙම ආපදා වලින් පවුල් 1,158කට අයත් පුද්ගලයින් 4,008ක් බලපෑම්ට ලක්ව ඇති අතර, පුද්ගලයින් 14 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින බවත් වාර්තා වේ.
ආපදා හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති අතර, පවුල් 41කට අයත් පුද්ගලයින් 131ක් සුරක්ෂිත මධ්‍යස්ථාන 5ක තාවකාලිකව නවතා තිබේ.
තවද, පවුල් 136කට අයත් පුද්ගලයින් 472 දෙනෙකු ඥාති නිවාසවල ආපදා හේතුවෙන් තාවකාලිකව නතරවී සිටින බවද සඳහන් වේ.
මරණ සංඛ්‍යාව අනුව ඌව පළාතෙන් 18ක්, සබරගමුව පළාතෙන් 7ක්, මධ්‍යම පළාතෙන් 4ක්, දකුණු සහ වයඹ පළාතෙන් පුද්ගල මරණ එකක් බැගින් වාර්තා වී ඇත.

