අයහපත් කාලගුණයෙන් හටගෙන ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මරණ සංඛ්‍යාව 355ක් දක්වා වැඩි වී ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාව අනුව පුද්ගලයින් 366ක් තවමත් අතුරුදන්ව සිටී.
පවුල් 318,252කට අයත් 1,156,860ක් පීඩාවට පත්ව ඇති අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් වැඩිම මරණ 88ක් වාර්තා වී ඇත. නුවරඑළිය, බදුල්ල, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්කවලින්ද සැලකිය යුතු මරණ සහ අතුරුදන්වීම් වාර්තා වී තිබේ.
අදාළ අංශ ජනතාවට අවශ්‍ය උපදෙස් ලබා දමින් ආපදා තත්ත්වය හසුරුවාගෙන යයි.
ආපදා මරණ 350 ඉක්මවයි – අතුරුදන් 366ක්

