හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් මගින් විශේෂ සහන පැකේජයක් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඒ අනුව නිවාස 17,648ක් සඳහා මාස තුනක් රු 50,000 බැගින් දීමනා ලබාදෙන අතර, නිවාස පිරිසිදු කිරීම, ගෘහ භාණ්ඩ හානි, අවදානම් ප්‍රදේශවල ජනතාව සඳහා අතිරේක ආධාරද සැලසුම් කර ඇත.
කෘෂිකර්ම, පශු සම්පත්, ධීවර, කර්මාන්ත හා ව්‍යාපාර අංශවලටද විවිධ වන්දි, දීමනා හා සහනශීලී ණය පහසුකම් ලබාදීමට රජය තීරණය කර තිබේ.
ආපදාවෙන් පීඩාවට පත් පාසල් සිසුන්ට රු 25,000ක දීමනාවක්ද මෙම සහන පැකේජයට ඇතුළත් වේ.
ආපදා සහන පැකේජය ජනපති හෙළිකරයි

