කයිට්ස් නාගදීපය ප්රදේශයේ නිවසක පුද්ගලයෙකු තුවාල සහිතව මියගොස් ඇති බවට ලැබුණු තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බව පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 45ක් වන නාවලපිටිය ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
පෙර පැවති ආරවුලක් දුරදිග යාමත් සමඟ තවත් පුද්ගලයෙකු විසින් පිහියකින් ඇන මෙම ඝාතනය සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 35ක් වන කොටගල ප්රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.
ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු ඝාතනය වෙයි

