Saturday, January 17, 2026
Homeදේශීයආවා කල්ලියේ නායකයා ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට

ආවා කල්ලියේ නායකයා ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට

ආවා කල්ලියේ ප්‍රධානියා ලෙස සැලකෙන විනෝද් සහ තවත් පුද්ගලයෙකු ඊයේ (11) චුන්නාකම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පවසන්නේ, විනෝද් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී හෙරොයින් ග්‍රෑම් 2 සහ මිලිග්‍රෑම් 400ක් භාරයට ගෙන ඇති බවයි.

අනෙක් සැකකරු අත්අඩංගුවට ගත් විට අත්බෝම්බයක් සහ කඩුවක් සොයාගෙන තිබෙන බවද පොලීසිය සඳහන් කළා.

මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත්තේ චුන්නාකම් පොලීසිය සිදු කළ විශේෂ වැටලීමකදීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගනිමින් සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments