Saturday, December 13, 2025
Homeදේශීයආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 3ක මානුෂීය ආධාර

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 3ක මානුෂීය ආධාර


ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 3ක හදිසි මානුෂීය ආධාරයක් ප්‍රධානය කිරීමට තීරණය කර තිබේ. පසුගිය දා ඇතිවූ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත බේරා ගැනීම සහ මූලික ජීවන තත්ත්වය යථා විධියට පත් කිරීම මෙම ආධාරයේ අරමුණ ලෙස සඳහන් කෙරේ.

ADB සභාපති මසාටෝ කන්දා මහතා පෙන්වා දී ඇත්තේ, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල් තුනටම මේ වන විට විශේෂ හදිසි ආධාර නිකුත් කිරීමට තීරණය කළ බවයි. ඒ අනුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 3ක්, තායිලන්තයට සහ වියට්නාමයට ඩොලර් මිලියන 2 බැගින් ලබා දීමට නියමිතය.

එමෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ ශ්‍රී ලාංකික ජනතාව සඳහා අමෙරිකා එක්සත් ජනපදයද හදිසි ජීවිතාරක්ෂක ආධාර ලෙස ඩොලර් මිලියන 2ක් ප්‍රධානය කිරීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය පවසන්නේ, ආපදාවෙන් බලපෑමට ලක්වූ ජනතාවට සහන සැපයීමට කටයුතු කරන කණ්ඩායම්වලට සහය වශයෙන් මෙම ආධාර ලබා දෙන බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments