ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ ෂරීෆ් ප්‍රදේශය අසල සිදු වූ භූමිකම්පාවෙන් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස්, 150 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ, රික්ටර් මාපකයේ 6.3 ක ප්‍රබලත්වයකින් සහ කිලෝමීටර් 28 ක ගැඹුරකින් භූමිකම්පාවක් ඇතිව ඇති බවයි.
තලේබාන් ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, පළාතේ විවිධ දිස්ත්‍රික්කවල සුළු තුවාල හා ගෘහ හානි වාර්තා වී ඇති බවය.
එසේම, පිලිපීනයේ නෙග්‍රොස් සහ අවට පළාත්වලද රික්ටර් මාපකයේ 5.5 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවූ බවත්, එය කිලෝමීටර් 89 ක ගැඹුරකින් හටගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.
පිලිපීන භූ විද්‍යා අධිකාරිය අනාවරණය කළේ, මෙම භූකම්පනයෙන් පසු අනුකම්පන ඇති විය හැකි බවය.
එමගින් අමතරව, එරට වෙරළට ඔබ්බෙන් ඇති “ටිනෝ” නමින් හැඳින්වෙන ප්‍රබල නිවර්තන සුළි කුණාටුවක් සම්බන්ධවද අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර, එය තවත් ශක්තිමත් වීමත් සමඟ පැයට කිලෝමීටර 150 සිට 165 දක්වා සුළං වේගයක් ඇතිවිය හැකි බව එරට කාලගුණ අංශය අනතුරු අඟවයි.
ඇෆ්ගනිස්ථානයේ භූකම්පනයෙන් 07ක් මරුට

