Homeකාලගුණ අනාවැකිඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය

ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය

කාලගුණ දෙපාර්තමේන්තුවේ අනාවැකිය අනුව, හෙට (19) පස්වරු 1න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
මධ්‍යම, සබරගමුව, ඌව පළාත්වල සහ අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මි.මි. 75ට වැඩි තද වැසි පවා ඇතිවිය හැකි බව සඳහන් වේ.
උදෑසන කාලයේ නැගෙනහිර පළාතේ ස්වල්ප වැසි ඇති විය හැකි අතර, මධ්‍යම, සබරගමුව, වයඹ, උතුරු-මැද, බස්නාහිර පළාත් සහ ගාල්ල, මාතර ප්‍රදේශවල අළුයම් කාලයේ මීදුම් තත්ත්වයක් ද පවතින්නට ඇත.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ජනතාවට දැනුම් දී ඇත. ⚡

RELATED ARTICLES

Most Popular

Recent Comments