ඉන්දියාවේ නවදිල්ලි නුවර රතු බලකොටුව අසල පිපිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් තිදෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන්ගෙන් දෙදෙනෙකු කාෂ්මීරයේ පදිංචිව සිටින අතර, තවත් සැකකරු ලක්නව් පදිංචිකරුවෙකි.
ඊයේ (10) පස්වරු 6.52ට, රතු බලකොටුව අසල මෙට්‍රෝ දුම්රිය ස්ථානයට පිවිසෙන මාර්ගයේ රථවාහන සංඥා කනුවක් අසල සිදු වූ පිපිරීමෙන් පුද්ගලයින් 9 දෙනෙක් මියගොස්, තවත් 20ක් තුවාල ලබා තිබේ.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු ත්‍රස්ත සංවිධානයක් භාරගෙන නැත.
ඉන්දීය ප්‍රහාරයට සැකවූ වෛද්‍යවරු තිදෙනෙකු අත්අඩංගුවට

