Saturday, February 14, 2026
Homeසියලුම පුවත්ඉන්දීය විදේශ ඇමති පැදුරටත් නොකියා ආපසු ගිහින්

ඉන්දීය විදේශ ඇමති පැදුරටත් නොකියා ආපසු ගිහින්

ඉන්දීය විදේශ ඇමති ආචාර්ය එස්. ජයසංකර් තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ යොදා ගෙන තිබුණු නිල කටයුතු ගණනාවක් හදිසියේ අවලංගු කර ආපසු ගොස් ඇති බව මාධ්‍ය වාර්තාවල පල වෙයි.

මෙලෙස හදිසියේ ආපසු යාමට අදාල කිසිදු පැහැදිලි කිරීමක් මේ දක්වා සිදු කර නැත. එහෙත් ඉන්දීය විදේශ ඇමති සමග මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, හිටපු ජනාධිපති සහ අගමැති මහින්ද රාජපක්ෂ හමු වී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් පසුව හදිසියේ ආපසු ගොස් ඇති බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මහින්ද රාජපක්ෂ සමග පැවති සාකච්ඡාවලදී ලංකාවේ දේශපාලන තත්වයෙ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ක්‍රියාකාරිත්වය, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳවද සාකච්ඡා කර තිබේ

RELATED ARTICLES

Most Popular

Recent Comments