Friday, January 23, 2026
Homeදේශීයඉන්ධන පෝලිමේ හත්වන මරණයත් වාර්තා වෙයි - ත්‍රීවීල් පෝලිමේ සිටි පියා මියයයි,...

ඉන්ධන පෝලිමේ හත්වන මරණයත් වාර්තා වෙයි – ත්‍රීවීල් පෝලිමේ සිටි පියා මියයයි, පුතා ඒ වෙද්දිත් බයික් පෝලිමේ

පාණදුර වෑකඩ ඉන්ධන පිරවුම්හලේ ඊයේ රාත්‍රී සිට පෙට්‍රල් ලබාගැනීම සඳහා පෝලිමේ රැඳී සිටි ත්‍රිරෝද රථ රියදුරකු අද (16) අලුයම හදිසියේ මියගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ පානදුර , හිරණ, විසල් උයන ප්‍රදේශයේ පදිංචිව සිටී මුතු තන්ත්‍රිගේ සුගත් ප්‍රනාන්දු නමැති 53 හැවිරිදි තිදරු පියකු බව පැවසේ.

මෙහිදී මිය ගිය අයගේ පුත්‍රයාද තෙල් පෝලිමේ සිට ඇති බව වාර්තා වේ.

මේ තෙල් පෝලිම්වලින් වාර්තා වූ 7 වන මරණය ලෙස සැලකේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments