Thursday, January 15, 2026
Homeදේශීයඉන්ධන මිල ඉහල යනවා..- ජනපති

ඉන්ධන මිල ඉහල යනවා..- ජනපති

ඊශ්‍රායලය හා පලස්තීනය අතර මේ වන විට ඇතිවී තිබෙන යුද ගැටුම් හේතුවෙන් ‍ශ‍්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින දැඩි අහිතකර ආර්ථික බලපෑම් එල්ල කරනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

එමෙන්ම දීර්ඝකාලීනව ඉන්ධන මිල ඉහළ යාමට ඉඩ ඇති බවත් ඒ මහතා සඳහන් කර ඇත්තේ අද පැවති කැබිනට් මණ්ඩල හමුවේදී අදහස් පළ කරමිනි.

ඊශ්‍රායලය හා පලස්තීන ද්විත්ව රාජ සංකල්පයට ශ්‍රී ලංකාවේ සහාය දිගුකාලීන සහයෝගය යළිත් තහවුරු කරන බවද පවසා ඇති ජනාධිපතිවරයා ඊශ්‍රායලයේ ක්‍රියාවන් සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවේචන තිබුණද මෙවන් ප්‍රහාර සාධාරණය කළ නොහැකි බව සඳහන් කර තිබේ.

සිවිල් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි කරමින් හමාස් සංවිධානය විසින් ඊශ‍්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරය ශ්‍රී ලංකා රජය විසින් හෙළා දකින බවද ඔහු එහිදී තවදුරටත් පවසා ඇත

RELATED ARTICLES

Most Popular

Recent Comments