ඩිසල් මිල ඉහළ ගිය වුවද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
එහි අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ, ඊයේ (09) මධ්‍යම රාත්‍රියෙන් ඩිසල් මිල ඉහළ ගිය ද, බස් ගාස්තු සංශෝධනය සඳහා බලපෑමක් සිදු නොවන බවයි.
ඊට අමතරව, ඔටෝ ඩිසල් ලීටරයක් රුපියල් 22 කින් සහ ලංකා සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 24 කින් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.
ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තු නොසංශෝධනය

