Homeසියලුම පුවත්ඉරාන ඉලක්ක වෙත අමෙරිකාවෙන් ගුවන් ප්‍රහාර

ඉරාන ඉලක්ක වෙත අමෙරිකාවෙන් ගුවන් ප්‍රහාර

හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමන් ගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකට ප්‍රතිචාර ලෙස අමෙරිකානු හමුදාව ඉරානයේ ඉලක්ක කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.
වාර්තා අනුව, සිංගප්පූරු ධජය යටතේ ධාවනය වූ Ever Lovely නෞකාවට ඉරානය විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරුව, අමෙරිකානු මධ්‍යම බලඇණිය ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන ගබඩා මෙන්ම වෙරළබඩ රේඩාර් මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇත.
කෙසේවෙතත්, අදාළ නෞකාව අනවසර මුහුදු මාර්ගයක ගමන් කළ බැවින් එම ප්‍රහාරය එල්ල කළ බව ඉරානය ප්‍රකාශ කර තිබේ.
මේ අතර, අමෙරිකානු ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය කලාපයේ රැඳී සිටින අමෙරිකානු හමුදා ඉලක්ක වෙත ප්‍රතිප්‍රහාර එල්ල කළ බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments