Wednesday, March 25, 2026
Homeසියලුම පුවත්ඉරාන ජාතිකයන්ට සංචාරක වීසා නිකුත් කිරීම තාවකාලිකව නවතා දමයි ඔස්ට්‍රේලියාව

ඉරාන ජාතිකයන්ට සංචාරක වීසා නිකුත් කිරීම තාවකාලිකව නවතා දමයි ඔස්ට්‍රේලියාව

ඉරාන ජාතිකයන්ට සංචාරක වීසා මත ඔස්ට්‍රේලියාවට ඇතුළු වීම තාවකාලිකව නවතා දැමීමට එරට රජය තීරණය කර තිබේ.
ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා අද මෙම තීරණය නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙයට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ, ඉරානයෙන් පැමිණෙන සංචාරකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් වීසා කාලය අවසන් වූ පසු නැවත තම රටට යාමට අකමැති හෝ නොහැකි වීමේ ප්‍රවණතාවයක් පවතින බවයි.
මෙම තීරණය හෙට සිට ක්‍රියාත්මක වන අතර, ඉදිරි මාස 6ක කාලයක් සඳහා බලපැවැත්වීමට නියමිතය.
කෙසේවෙතත්, ඔස්ට්‍රේලියාවේ පදිංචි පවුල් සාමාජිකයින් සිටින ඉරාන ජාතිකයන්ට සහ දිගුකාලීන වීසා හිමියන්ට මෙම සීමා බලපාන්නේ නැත.
දැනටමත් ඉරාන ජාතිකයන් සතුරා 7,000කට ආසන්න පිරිසක් සංචාරක වීසා ලබාගෙන ඇති බවද වාර්තා වේ.
වේගයෙන් වෙනස් වන ගෝලීය තත්ත්වයන් හමුවේ ජාතික අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බව අමාත්‍යවරයා පවසයි.
එමෙන්ම, මෙම තීරණයට විපක්ෂ පාර්ශ්වවලින් විවේචන එල්ල වී ඇති අතර, එය අසාධාරණ පියවරක් බවට ඔවුන් චෝදනා කරති.

RELATED ARTICLES

Most Popular

Recent Comments