Saturday, March 14, 2026
Homeසියලුම පුවත්ඉරානයේ පාසල් සිසුන් හා ගුරුවරුන් 200කට ආසන්න පිරිසක් මරුට

ඉරානයේ පාසල් සිසුන් හා ගුරුවරුන් 200කට ආසන්න පිරිසක් මරුට

මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වූ දින සිට මේ දක්වා කාලය තුළ පාසල් සිසුන් සහ ගුරුවරුන් 200කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව ඉරානයේ මාධ්‍ය ප්‍රකාශිකා Fatemeh Mohajerani පවසයි.
ඇය සඳහන් කර ඇත්තේ මෙම ගැටුම් හේතුවෙන් පාසල් 120කට ආසන්න සංඛ්‍යාවකටද හානි සිදුව ඇති බවයි.
එමෙන්ම Tehran නගරයේ පිහිටි “Azadi” කුලුනටද දැඩි හානි සිදුව ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.
Islamic Republic News Agency (IRNA) උපුටා දක්වන Iran Ministry of Education ප්‍රකාශයකට අනුව, පාසල් සිසුන් සහ ගුරුවරුන් 161කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.
අමතරව අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 42,914 දෙනෙකුට අයත් දේපළ විනාශ වී ඇති බව Iranian Red Crescent Society සඳහන් කර ඇත.
එහිදී වාණිජ ගොඩනැගිලි 6,179ක් හා නිවාස ගොඩනැගිලි 36,489ක් විනාශ වී ඇති අතර ඒ අතරින් 10,000කට ආසන්න සංඛ්‍යාවක් Tehran නගරයේ පිහිටි ගොඩනැගිලි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තවද රට පුරා පිහිටි වෛද්‍ය, සෞඛ්‍ය සහ හදිසි සේවා මධ්‍යස්ථාන 160කට වැඩි ප්‍රමාණයකටද හානි සිදුව ඇති බවද එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ. 

RELATED ARTICLES

Most Popular

Recent Comments