Monday, December 22, 2025
Homeදේශීයඋඩරට දුම්රිය ගමනාගමනයට තවදුරටත් සීමා

උඩරට දුම්රිය ගමනාගමනයට තවදුරටත් සීමා

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ, උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය අද (22) දිනයේත් සීමා වන බවයි.

අද පෙරවරුවේ මහනුවර සිට කොළඹ කොටුව සහ මහනුවර සිට පොල්ගහවෙල අතර දුම්රිය ගමන්වාර 10ක් අවලංගු කරන ලද්දේ එම දෙපාර්තමේන්තුව සඳහන් කළ පරිදි ය.

උඩරට දුම්රිය මාර්ගයේ කිහිප ස්ථානයක නායයෑම් හේතුවෙන් දුම්රිය ධාවනය අද දහවල් දක්වා සීමා කර ඇති අතර, කොළඹ කොටුව සිට බදුල්ල අතර දුම්රිය පේරාදෙණිය හා බදුල්ල අතර පමණක් ධාවනය කරනු ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ, අද දහවල් 12.00 සිට උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය යථා තත්ත්වයට පත්කළ හැකි වන බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments