උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් වෙළෙඳපොළට සැපයීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ, ඉන්ධන අර්බුදය හේතුවෙන් මිල ඉහළ යාමේ අවදානමක් තිබුණද, කුකුළු මස් මිල රුපියල් 1,250ක පමණ මට්ටමේ පවත්වාගෙන යාමට උත්සාහ කරන බවයි.
ලෝක වෙළෙඳපොළේ සත්ත්ව ආහාර මිල ඉහළ යාමත්, ඉන්ධන හිඟය නිසා ප්‍රවාහන වියදම් වැඩිවීමත් කර්මාන්තයට බලපා ඇති බවද ඔහු පැවසීය.
එහෙත් අප්‍රේල් මාසය වනවිට ගොවිපොළවල් උපරිම ධාරිතාවයෙන් නිෂ්පාදනය සිදුකරමින් මස් සහ බිත්තර හිඟයකින් තොරව ලබාදීමට බලාපොරොත්තු වන බව සඳහන් කරයි.
කෙසේ වෙතත්, ඉන්ධන සැපයුම අඩාල වීමක් හෝ ප්‍රවාහන ගැටලු උද්ගත වුවහොත් ඉදිරි තත්ත්වය අනාවැකි කළ නොහැකි බවද ඔහු අවධාරණය කළේය.
උත්සව සමයේ කුකුළු මස් හිඟයක් නොවෙයි

