Thursday, November 13, 2025
Homeදේශපාලනඋතුරු - නැගෙනහිර ක්‍රීඩා සංවර්ධනයට විශාල මුදලක්

උතුරු – නැගෙනහිර ක්‍රීඩා සංවර්ධනයට විශාල මුදලක්

මෙවර අයවැයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල ක්‍රීඩා සංකීර්ණ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 150ක් වෙන් කර තිබේ.

ජනාධිපතිවරයා පැවසුවේ ක්‍රීඩා සංස්කෘතියක් වර්ධනය කිරීමෙන් සෞඛ්‍ය සම්පන්න සහ ජයග්‍රාහී සමාජයක් බිහි කළ හැකි බවයි.

එමෙන්ම, තරුණ පරපුර අතර ක්‍රීඩා සංස්කෘතිය ප්‍රචලිත කිරීමට රුපියල් මිලියන 1,800ක් සහ අමතරව මිලියන 800ක් වෙන් කර ඇත.

ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තරග සඳහා සහය ලබාදීමට රුපියල් මිලියන 1,163ක්ද, මන්නාරම හා වවුනියා ක්‍රීඩා සංකීර්ණ සංවර්ධනයට මිලියන 225ක්ද, කල්මුනේ ක්‍රීඩාගාරය නිම කිරීම සඳහා මිලියන 150ක්ද වෙන්කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments