Friday, December 12, 2025
Homeදේශීයඋසස් පෙළ නොවැම්බර් එපා

උසස් පෙළ නොවැම්බර් එපා

අපොස උසස් පෙළ විභාගය (2023) ලබන නොවැම්බර් මස පැවැත්වීම නැවත එම විභාගයට පෙනී සිටින දරුවන්ට කරන අසාධාරණයක් බවත් ඒ අනුව ඔවුන්ට විභාගයට සූදානම් වීමට දින 100 කට අඩු කාලයක් පමණක් ලැබෙන බවත් විභාග අපේක්‍ෂකයෝ චෝදනා කරති.
පසුගිය විභාගයේ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල වරම් හෝ එසේත් නැත්නම් ඉලක්ක පීඨයට සුදුසුකම් ලැබීම නොහැකි වීමෙන් දැඩි මානසික පීඩනයකට පත්ව සිටින බවත් සාධාරණය ඉටුකිරීමට ජනාධිපතිවරයා මැදිහත්විය යුතු බවත් ඔවුහූ පවසති.
විභාග ප්‍රතිපළ නිකුත් කිරීමට ප්‍රමාද වීම දරුවන්ගේ වරදකින් වූ දෙයක් නොවන බව කියන විභාග අපේක්‍ෂකයෝ එම ප්‍රමාද වූ කාලය නැවක විභාගයට පෙනී සිටින දරුවන්ට දීම බලධාාරීන්ගේ වලකීමක් බව ද සඳහන් කරති.

RELATED ARTICLES

Most Popular

Recent Comments