Thursday, November 13, 2025
Homeදේශීයඋසස් පෙළ විභාගය අදින් ආරම්භ වේ

උසස් පෙළ විභාගය අදින් ආරම්භ වේ

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (10) ආරම්භ වන අතර, දෙසැම්බර් 5 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362කදී පැවැත්වේ.

මෙවර විභාගයට අයදුම්කරුවන් 340,525ක් පෙනී සිටින අතර, ඉන් පාසල් අයදුම්කරුවන් 246,521දෙනෙකු හා පෞද්ගලික අයදුම්කරුවන් 94,004 දෙනෙකු වේ.

විභාගය ආරම්භ වීමට පැයකට පෙර සියලුම අයදුම්කරුවන් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය පවසයි.

මෙම කාලසීමාව තුළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක වන අතර, ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා අවම කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයද විශේෂ වැඩපිළිවෙළක් අනුගමනය කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments