එක්සත් අරාබි එමීර් රාජ්‍යය හි සිදු වූ හෙලිකොප්ටර් අනතුරකින් එරට සන්නද්ධ හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.
එරට ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශයක් අනුව, මෙම අනතුරට තාක්ෂණික දෝෂයක් හේතුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම හදිසි සිද්ධිය මැදපෙරදිග යුද්ධයට සම්බන්ධදැයි තවම පැහැදිලි තොරතුරු නොලැබී තිබේ. ජාතික රාජකාරිය ඉටු කරමින් සිටියදී මිය ගිය හමුදා සාමාජිකයින්ගේ පවුල්වලට ආරක්ෂක අමාත්‍යංශය සිය ගැඹුරු ශෝකය හා අනුකම්පාව පළ කරයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය හි හෙලිකොප්ටර් අනතුර

