Friday, December 12, 2025
Homeවිදේශීයඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම — ශ්‍රී ලංකාව යථා තත්ත්වයට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම — ශ්‍රී ලංකාව යථා තත්ත්වයට

දිට්වා සුළි කුණාටුවෙන් පීඩනයට පත් ජනතාවට සහන පියවර මඟින් අත්වැලක් ලබාදීමේ අරමුණින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (11) ශ්‍රී ලංකාව සඳහා නව මානුෂීය ප්‍රමුඛතා සැලැස්මක් දියත් කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා පැවසූ පරිදි, අංශ 7ක් ආවරණය වන මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ඉදිරි මාස 4 තුළ අමෙරිකානු ඩොලර් මිලියන 35ක් අවශ්‍ය වන බවයි.

දැනටමත් ඕස්ට්‍රේලියාව, කැනඩාව, යුරෝපා සංගමය, ස්විට්සර්ලන්තය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය වැනි රටවල් ලබා දී ඇති සහාය හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඩොලර් මිලියන 9.5ක් ලැබී ඇති අතර ඉතිරි මිලියන 26ක් රැස් කිරීමටද උත්සාහ ගෙන යන බව ඔහු සඳහන් කළේය.

රජය ප්‍රතිසාධන කටයුතු මෙහෙයවූ අතර, ඒ සඳහා දේශීය හා ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහය ලබාදීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments