Friday, April 3, 2026
Homeසියලුම පුවත්එජා ආරක්ෂක මණ්ඩල ක්‍රියාමාර්ග ගැන චීනයෙන් අවධාරණය

එජා ආරක්ෂක මණ්ඩල ක්‍රියාමාර්ග ගැන චීනයෙන් අවධාරණය

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ක්‍රියාමාර්ග අනවසර හමුදා මෙහෙයුම් සඳහා නීතිමය ආවරණයක් වශයෙන් භාවිත නොකළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා පවසයි.
යුරෝපා සංගමයේ ඉහළ නියෝජිත Kaja Kallas මහත්මිය සමඟ පැවති දුරකථන සංවාදයකදී ඔහු මෙය සඳහන් කරමින්, එවැනි ක්‍රියාමාර්ග ගැටුම් වැඩි කිරීමට හේතු නොවිය යුතු බවද අවධාරණය කළේය.
එමෙන්ම ජාත්‍යන්තර නීතිය හා එක්සත් ජාතීන්ගේ කේන්ද්‍රීය පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා චීනය හා යුරෝපයට පොදු වගකීමක් ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
මේ අතර Kaja Kallas මහත්මිය සඳහන් කළේ, මානුෂීය මෙහෙයුම් හා සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා යුරෝපා සංගමය සහය දක්වන බවයි.
තවද, ජර්මානු විදේශ අමාත්‍යවරයා සමඟ පැවති වෙනත් සංවාදයකදී මැදපෙරදිග සාමය හා ස්ථාවරත්වය පිළිබඳවද අවධානය යොමු කර ඇති බව වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments