Friday, January 23, 2026
Homeදේශීයඑළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළට

එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොගවල මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ.

කැරට් කිලෝග්‍රෑමයක මිල රු. 700 සිට රු. 1,000 දක්වා ඉහළ නැංවේ.

බෝංචි හා ලීක්ස් වැනි එළවළු ද රු. 500 – 800 අතර මිලකට අලෙවි වන බව වාර්තා වේ.

රු. 30කට පමණ අලෙවි වූ වට්ටක්කා කිලෝ එකේ මිලද රු. 100 – 130 අතරට ඉහළ ගොස් ඇත.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දන් පවසන්නේ, වර්ෂා තත්ත්වය සහ නායයෑම් හේතුවෙන් එළවළු කොටු විශාල වශයෙන් විනාශ වීම මේ මෙල වර්ධනයට ප්‍රධාන හේතුව බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments