පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වගා බිම් විනාශ වී ඇති බැවින් මේ දිනවල එළවළු මිල සීඝ්රයෙන් ඉහළ යමින් පවතියි.
උඩරටට සාපේක්ෂව පහතරට එළවළු මිල දෛනිකව ඉහළ යන බවක් දැකගත හැකි අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික මිල දර්ශනය අනුව ඊයේ පිටකොටුව, දඹුල්ල සහ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානවල සිල්ලර මිල වාර්තා වන්නේ මෙසේය:
- බෝංචි: කිලෝවක් රු. 600 – 800
- තක්කාලි: කිලෝවක් රු. 500 – 600
- පතෝල: කිලෝවක් රු. 600 – 700
- අමු මිරිස්: කිලෝවක් රු. 1,100 – 1,200
- වම්බටු: කිලෝවක් රු. 550 – 800
- කැරට් සහ ගෝවා: කිලෝවක් රු. 300 – 500
මෙම මිල ඉහළ යාම නිසා පාරිභෝගිකයන්ට සහ වෙළෙඳකරුවන්ට බලපාන බව වාර්තා වේ.

