Tuesday, February 17, 2026
Homeසියලුම පුවත්ඓතිහාසික හමුවකට දකුණු කොරියාව සූදානම්

ඓතිහාසික හමුවකට දකුණු කොරියාව සූදානම්

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් හෙට (30) දින දකුණු කොරියාවේ බුසාන් නුවරදී පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් මීට පෙර ප්‍රකාශ කර ඇත්තේ, මෙම මස අවසානයේදී අමෙරිකානු හා චීන නායකයන් අතර උසස් මට්ටමේ සංවාදයක් සිදුවනු ඇති බවයි.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයකුද අද (29) මෙම හමුව තහවුරු කර ඇති අතර, දෙපාර්ශවය අමෙරිකා–චීන දේශපාලන සම්බන්ධතා සහ වත්මන් ගෝලීය ප‍්‍රශ්න ක්‍රමානුකූලව සාකච්ඡා කිරීමට එකඟ වී ඇති බව සඳහන් කළේය.

2019 වසරින් පසුව අමෙරිකානු ජනාධිපතිවරයෙකු සහ චීන ජනාධිපතිවරයෙකු හමුවන පළමු අවස්ථාව මෙය බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments