Thursday, February 12, 2026
Homeසියලුම පුවත්කතරගම අසේලට වස දීලා?අයෙක් සැකපිට

කතරගම අසේලට වස දීලා?අයෙක් සැකපිට

කතරගම අභිනවාරාම විහාරස්ථානයට අයත් ‘අසේල’ නැමැති අලියාට දහවල් යම් විස සහිත රසායනික ද්‍රව්‍යක් යෙදූ පැණි කොමඩු ගෙඩියක් දුන්බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කතරගම පොලීසිය කියයි. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇත් ගොව්වා වන තුෂාර ප්‍රියදර්ශන නැමැත්තා පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

අලියාට මෙම කොමඩු ගෙඩිය ලබාදුන් පසු එය බිම හෙලා ඇති බවත්, අලියාද නොසන්සුන්වී මුඛයෙන් සෙම වගුරුවමින් සිටි නිසා ඌව කලාපය භාර පශුවෛද්‍ය නිළධාරී ආනන්ද ධර්ම කීර්ති මහතා කැඳවා ප්‍රථිකාර ලබාදී තිබේ.

මීට පෙර අලියා භාරව සිටි බව කියන ඇත් ගොව්වා කිසියම් අක්‍රමිකතාවයක් හේතුවෙන් ඉවත්කොට ඇති බවත්, එම පුද්ගලයා විසින් වස යෙදූ කොමඩු ගෙඩිය අලියාට දෙන ලෙසට දුන් උපදෙසක් මත මෙය දුන් බවත් සැකකරු පවසා ඇත.

මෙය සැලසුම් කළ බව කියන පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කතරගම පොලීසිය පරීක්ෂණ පවත්වයි

RELATED ARTICLES

Most Popular

Recent Comments