Friday, November 14, 2025
Homeදේශීයකලවානේ වෙඩිතැබීමකින් දෙදෙනෙකුට තුවාල

කලවානේ වෙඩිතැබීමකින් දෙදෙනෙකුට තුවාල

කලවාන, දෙල්ගොඩ ප්‍රදේශයේදී අද (29) පස්වරු පසුව සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

වෙඩි තැබීමෙන් තුවාල වූවන් අතර සිටින්නේ කලවාන, කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පස් දරු පියෙකු සහ දෙදරු පියෙකු වන පුද්ගලයෙකුයි.

පොලිස් පවසන්නේ, මොවුන් දෙදෙනා තේ කඩයකට යතුරුපැදියකින් යාමන් අතරතුර, ගසක් අසල සඟව සිටි පුද්ගලයෙකු වෙතින් වෙඩි ප්‍රහාරයට ලක් වූ බවයි.

වෙඩි තුවාල ලැබූ දෙදෙනා යතුරුපැදියෙන්ම කලවාන මුලික රෝහලට ගොස්, පසුව රත්නපුර රෝහලට මාරු කර යවා ඇත.

පොලිසිය සඳහන් කරන්නේ, මෙම වෙඩි තැබීම බෝර 12 ගිනිඅවියක් භාවිතා කර සිදුකර ඇති බවට සැක පළ වන අතර, සැකකරු පලා ගොස් ඇති අතර ඔහු සොයා විමර්ශන ආරම්භ කර ඇති බවයි

RELATED ARTICLES

Most Popular

Recent Comments