Tuesday, March 10, 2026
Homeදේශීයකවුද මේ දුනිත් වෙල්ලාලගේ ?

කවුද මේ දුනිත් වෙල්ලාලගේ ?

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දුනිත් වෙල්ලාලගේට අද (14) එක් දින වරම් හිමි වුණා.

ඒ ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන පළමු එක් දින තරගයේ දී.

දුනිත් වෙල්ලාලගේ තුන් ඉරියවුවවෙන් ම දස්කම් දක්වන ක්‍රීඩකයෙක්.

නිමා වූ 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ දී කැපී පෙනෙන දස්කම් දැක් වූ දුනිත් වෙල්ලාලගේ, තවමත් 19 වැනි වියේ පසු වන ක්‍රීඩකයෙක්.

වමතින් පිත්ත හසුරුවන ඔහු, වමත් දඟපන්දු යවන්නෙක් ලෙස ද තම දක්ෂතා පෙන්නුම් කරනවා.

අද දින එක් දින වරම් දිනා ගත් දුනිත් වෙල්ලාලගේගේ ඉදිරි ක්‍රීඩා දිවිය සාර්ථක වේ වා යි ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු.

RELATED ARTICLES

Most Popular

Recent Comments