Monday, March 23, 2026
Homeසියලුම පුවත්කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අකුණු පිළිබඳ අවවාදයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අකුණු පිළිබඳ අවවාදයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සබරගමුව පළාත සහ ගාල්ල දිස්ත්‍රික්කය, මාතර දිස්ත්‍රික්කය සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, අද සවස 1න් පසුව එම ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බැවින් ජනතාව අවධානයෙන් සිටින ලෙස දැනුම් දී ඇත.
වැසි සමඟ තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි අතර, මෙම අවවාදය අද රාත්‍රී 11 දක්වා බලපැවැත්වෙන බවද සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments