Sunday, January 18, 2026
Homeදේශීයකැකිරාව ප්‍රදේශයෙන් වනඅලියෙකු සම්බන්ධයෙන් පුවතක්

කැකිරාව ප්‍රදේශයෙන් වනඅලියෙකු සම්බන්ධයෙන් පුවතක්

වනඅලියා පසුගිය දිනකද රාත්‍රි කාලයේ කැකිරාවේ නිවෙසකට පැමිණ එම නිවසේ ප්‍රධාන දොරට කිහිප වරක් තට්ටුකර තිබෙනවා.

එම අවස්ථාවේ නිවැසියන් නිවසට පැමිණ ඇත්තෙ වනඅලියකු බව දැන ගැනිමෙන් අනතුරුව නිවසේ කාමරයක් තුළ සැගව ඇති බවයි වාර්තා වන්නේ.

සුළු වේලාවක් දොරට තට්ටු කරමින් සිටි මෙම වනඅලියා පසුව එම දොරට පහරදී කඩා බිඳ දමා එහි දොරගුලේ කොටසක් ද රැගෙන කලාවැව ජාතික උද්‍යානය දෙසට පලා ගොස් තිබෙනවා.

දොර කඩා දැමූ වන අලියා එම නිවස ආසන්නයේ තිබූ කෙසෙල් වගාවන්ටද හානි කර තිබෙනවා.

එදිනම මෙම වනඅලියා විසින් ඒ ආසන්නයේ වූ කාන්තාවක් තනිව ජීවත් වන තවත් කුඩා නිවාසයකට ද පහරදී එහි දේපලවලටද හානි කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස රාත්‍රී කාලයේ නිවාසවල දොරවල්වලට තට්ටුකරමින් කලහකාරී ලෙස හැසිරෙමින් ප්‍රදේශයේ සැරිසරන්නේ කලාවැව ජාතික උද්‍යානයේ සිටින වනඅලියෙකු බවට අනුමාන කෙරෙනවා.

තම නිවෙස්වලට සිදුකර ඇති හානිය සම්බන්ධයෙන් එම නිවෙස් හිමියන් අදාළ අංශ වෙත හා පොලිසියට පැමිණීලි කිරීමටත් පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම වනඅලියා සිදුකර ඇති මෙම නිවාස හානි සම්බන්ධයෙන් මේ වනවිට කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් විමර්ශන හා හානි තක්සේරු වාර්තා ද කැදවා ඇති බවයි වාර්තා වන්නේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments