කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රදේශයේ පාසලක සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා එරට රජයට සහ ජනතාවට සංවේගය පළ කර තිබේ.
එක්ස් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, මෙම සිද්ධියෙන් මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයින් වෙත ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් ගැඹුරු ශෝකය පළ කරන බවය.
බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රදේශයේ ස්ථාන දෙකක සිදුවූ වෙඩි තැබීම්වලින් සැකකරු ඇතුළුව පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කාන්තාවක් විසින් පාසලකට ඇතුළු වී මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, පසුව ඇය සියදිවි හානි කරගෙන ඇති බව සඳහන් වේ.

