Saturday, January 17, 2026
Homeදේශීයකිරින්දේ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන්ට දින 7ක රැඳවුම් නියෝග

කිරින්දේ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන්ට දින 7ක රැඳවුම් නියෝග

කිරින්ද ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දින හතක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය පොලීසියට නියෝග කර ඇත.

සැකකරුවන් හත් දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ මුහුදු මාර්ගයෙන් රැගෙන ආ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 329ක් සමඟය.

පොලිසිය පවසන්නේ, මෙම මත්ද්‍රව්‍ය ඩුබායිහි සිටින “රන් මල්ලි” ලෙස හඳුන්වන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුට අයත් බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments