Friday, January 23, 2026
Homeදේශපාලනකෙහෙළියගේ තවත් බැංකු ගිණුම් දෙකක් අත්හිටුවීමට නියෝග

කෙහෙළියගේ තවත් බැංකු ගිණුම් දෙකක් අත්හිටුවීමට නියෝග

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ජංගම හා ස්ථාවර තැන්පතු ගිණුම් දෙකක් සතියක කාලයක් සඳහා අත්හිටුවීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නියෝග කර තිබෙනවා.

අදාළ ගිණුම් දෙකෙහි ශේෂයන් හි එකතුව රුපියල් ලක්ෂ 200ක් පමණ වන බවයි සඳහන් වෙන්නේ.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම අත්හිටුවීමේ නියෝගය තවදුරටත් දීර්ඝ කරගැනීමට කොමිෂන් සභාව බලාපොරොත්තු වන බවද සඳහන්.

මීට පෙරද අවස්ථා කිහිපයකදී මෙම විමර්ශනයන්ට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ ඔහුගේ බිරිඳ ඇතුළු ඥාතීන් කිහිපදෙනෙකුගේ වත්කම් ගණනාවක් අත්හිටුවීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කටයුතු කර තිබුණා.

RELATED ARTICLES

Most Popular

Recent Comments