කොටහේනේදී පසුගියදා සිදු කළ වෙඩිටබා මනුෂ්‍ය ඝාතනයට සහාය ලබාදුන් සැකකරුවෙකු සහ සැකකාරියක් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය සඳහන් කරන්නේ, අත්අඩංගුවට ගත් සැකකරු වෙඩිත්තුකරු ගැටීමට ගෙන ආ කාර් රථයේ රියදුරු ලෙස කටයුතුකර සිටීමත්, සැකකාරිය සැකකරුවන්ට නවාතැන් පහසුකම් සපයමින් අපරාධයට දායක වී ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස 27ක් වන කොළඹ 13 පදිංචිකරුවෙකුත්, සැකකාරිය වයස 32ක් වන මහරගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බවද පොලීසිය පවසා ඇත.
ඔවුන් රැඳවුම් නියෝග යටතේ තවදුරටත් නිරීක්ෂණයට භාරව ඇති අතර, කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
මෙම වෙඩි තැබීම සිදුවූයේ මස 7 වන දා කොටහේන 16 වන පටුමග ප්‍රදේශයේදී වන අතර, ඝාතනයට ලක්වූ පුද්ගලයා ‘පූකුඩු කන්නා’ ලෙස දන්නා බාලචන්ද්‍රන් පුෂ්පරාජ්ගේ සමූහයේ සාමාජිකයෙකු බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

