කොත්මලේ ජලාශය මතින් බර වාහන ධාවනය තහනම් කර ඇති බව මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල්වරයා කියා සිටියේය. මාර්ග කිහිපයක් නායයෑම් හේතුවෙන් අවහිර වී ඇති නිසා, ජලාශ වේල්ල මඟින් මේ දිනවල සැහැල්ලු වාහන පමණක් ධාවනයට ඉඩ ලබා දී ඇත.
අධ්යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, වාන් දොරටු විවෘත කිරීම සම්බන්ධයෙන් පැතිර යන කතාවල කිසිදු සත්‍යයක් නැති බවත්, සියලු ක්‍රියාමාර්ග විද්‍යාත්මක දත්ත මත පදනම්ව සිදු කරමින් සිටින බවත් ය.
මේ අතර, නුවරඑළිය දිස්ත්‍රික් පා.ම.වරුන් ඇතුළු නිලධාරීන් සහභාගී වූ රැස්වීමක් දඬුවම් සහ ආරක්ෂිත ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමු කරමින් පැවැත් වී ඇත.
ගම්පොළ – නුවරඑළිය මාර්ගය ද මේ වනවිට සැහැල්ලු වාහන සඳහා විවෘත කර ඇති අතර, නායයෑමෙන් අවහිර වූ ස්ථාන බොහොමයක් යථා තත්ත්වයට පත් කරා යැයි වාර්තා වේ.
කොත්මලේ ජලාශය මතින් බර වාහන ධාවනය තහනම්

