Thursday, January 15, 2026
Homeදේශීයකොහුවල වෙඩිතැබීමට සම්බන්ධ තවත් සැකකරු අත්අඩංගුවට

කොහුවල වෙඩිතැබීමට සම්බන්ධ තවත් සැකකරු අත්අඩංගුවට

කොහුවල බෝධියවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් 16 හැවිරිදි තරුණියෙකුට තුවාල සිදුවූ හා මනුෂ්‍ය ඝාතනයට තැත් කළ අයේක් සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය දෙසැම්බර් 30 වනදා නිවසක් ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදු කළ අතර, එම යතුරුපැදිය සැකකරුවන්ට ලබා දී ආධාර කළ පුද්ගලයා බඩෝවිට 03 අදියර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 32ක් වන දෙහිවල පදිංචිකරුවෙකි. අත්අඩංගුවට ගැනීමේ අවස්ථාවේදී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් ද පොලිසිය භාරයට ගෙන තිබේ.

අදාළ සංචාරය ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් සිදු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වෙඩිතැබීම සිදු කළ ප්‍රධාන සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනත් ක්‍රියාත්මක කරමින් සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments