Tuesday, February 17, 2026
Homeදේශීයකොළොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පරදී

කොළොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි කොළොන්නර ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය අද (06) පරාජයට පත්ව ඇත.

මංගල අයවැයට පක්ෂව ඡන්ද 09 ක් හිමිව තිබෙන අතර විරුද්ධව ඡන්ද 10 ක් හිමිව තිබේ. ඒ අනුව එක් වැඩි ඡන්දයකින් අයවැය පරාජයට පත්ව තිබේ.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් කොලොන්න ප්‍රාදේශීය සභාව සඳහා ජාතික ජන බලවේගයෙන් මන්ත්‍රී ධූර
09 පත් වූ අතර සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයෙන් මන්ත්‍රී ධූර 10 ක් තේරී පත්විය.

ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමේදී ජාතික ජන බලවේගය ට පොදු විපක්ෂයේ මන්ත්‍රීවරයකුගේ සහාය හිමිව තිබෙන අතර ඒ අනුව එහි සභාපති ධූරය ජාතික ජන බලවේගයට හිමිව තිබේ.

කෙසේ වෙතත් අද පැවති අයවැය ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ ප්‍රමුඛ පොදුවිපක්ෂයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරු 10 දෙනා ගේ සහාය ලබා ගැනීමට පොදු විපක්ෂය සමත් වී ඇත

RELATED ARTICLES

Most Popular

Recent Comments