පෙරදින සිට ගතවූ පැය 24ක වර්ෂාපතන පරමාණය අතර වැඩිම වැසි අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වූ බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජලවිද්‍යා සහ ආපදා කළමනාකරණ) ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කරයි. එම ප්‍රදේශයේ වාර්තා වූ වැසි ප්‍රමාණය මිලිමීටර් 38කි.
ඊට අමතරව, අනෙකුත් බොහෝ ප්‍රදේශවල වර්ෂාපතනය මිලිමීටර් 10ට වඩා අඩු ලෙස ලැබී ඇති අතර, එම හේතුවෙන් ගංගා ජල මට්ටම් විශේෂ ලෙස ඉහළ යාමක් වාර්තා වී නොමැත.
කෙසේ වෙතත්, ප්‍රධාන ජලාශ 73කින් 28ක් සහ මධ්‍ය ප්‍රමාණයේ වැව් 22ක් මේ වන විටත් වාන් දැමීම සිදු කරමින් පවතින බවද ඔහු පැවසීය.
යාන්ඔය සහ දැදරු ඔය ජලාශ දෙකෙන් ජලය නිදහස් කිරීම ඉහළ දමා තිබුවද, කිසිදු ගංගා ද්‍රෝණියක අනතුරුදායක ලෙස ජලය මුදාහැරීමක් සිදු නොවන බව ඉංජිනේරු සූරියබණ්ඩාර මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

