Monday, December 22, 2025
Homeදේශීයගුරුවරුන්ගෙන් රතු එළියක්...

ගුරුවරුන්ගෙන් රතු එළියක්…

පාසල් කාලය වෙනස් කිරීම සම්බන්ධයෙන් නිසි විසඳුමක් ජනවාරි මස 05 වැනි දිනට පෙර ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ගුරු වෘත්තීය සමිති අනතුරු අඟවයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් කාලය වෙනස් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට ගුරු වෘත්තීය සමිති සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක් අද (22) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්විණි.

එහිදී වෘත්තීය සමිති නියෝජිතයින් සඳහන් කළේ දෙසැම්බර් 12 වැනි දින වෘත්තීය ක්‍රියාමාර්ගයකට යාමට තීරණය කර තිබූ නමුත්, සාකච්ඡා සඳහා අවස්ථාව ලබාදීම හේතුවෙන් එය අත්හිටුවූ බවයි.

අද පැවති හමුවේදී අග්‍රාමාත්‍යවරිය ගුරු වෘත්තීය සමිතිගේ අදහස් යම් මට්ටමකට අවධානයට ගෙන ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සලකා බැලීමට එකඟ වී ඇති බවත් වෘත්තීය සමිති සඳහන් කළහ.

RELATED ARTICLES

Most Popular

Recent Comments