වෙන්නප්පුවේ ලුණුවිල ප්‍රදේශයට අසළ සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් මියගිය ගුවන් නියමු ගෲප් කපිතාන් නිර්මාල් සියඹලාපිටිය මහතාගේ දේහයට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද (04) අවසන් ගෞරව දැක්වීය.
නියඹුවා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපති සමයේ බොහෝ නිල සංචාර සඳහාද නිර්මාල් සියඹලාපිටිය මහතා සේවය කර තිබුණ බව ද සදහන් වේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, යුද හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා ඇතුළු අනෙකුත් නියෝජිතයන් පිරිසක් ද දේහයට පෙරවරුවේ ගෞරව පිළිගැන්වීමට පැමිණිහ.
මියගිය ගුවන් නියමුගේ අවසන් කටයුතු අද පස්වරු 4ට දෙහිවල–ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනු ඇත.
ගුවන් නියමු නිර්මාල්ගේ දේහයට හිටපු ජනපති රනිල්ගේ අවසන් ගෞරවය

