Friday, February 13, 2026
Homeසියලුම පුවත්ගුවන් හමුදා කඳවුරක පිපිරීමකින් සෙබළෙක් මරුට..

ගුවන් හමුදා කඳවුරක පිපිරීමකින් සෙබළෙක් මරුට..

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා කඳවුරේ අද (26) පස්වරුවේ සිදුවූ පිපිරීම පිළිබඳ තවත් තොරතුරු වාර්තාවී තිබේ.

එම ගුවන් හමුදා කඳවුරේ වෙඩිපිටියේදී සිදුවූ පිපිරීමකින් ගුවන් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්විය.

අදාළ පිපිරීම සිදුවී ඇත්තේ බෝම්බ නිෂ්ක්‍රීය කරන ස්ථානයේදීය.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෘෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කළේ, අද පස්වරු 5ට පමණ මෙම අනතුර සිදුවී ඇති බවය.  

එම පිපිරීමෙන් මියගොස් ඇත්තේ 28 හැවිරිදි වියේ පසුවූ නායක ගුවන් භටයෙකි.

එම පිපිරීමෙන් තවත් ගුවන් හමුදා භටයෙක් ද තුවාල ලබා ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවද වාර්තා වෙයි.

අදාළ පිපිරීම සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments