මේ අරගලයෙන් පසු අරගලයේ තරුණයන් පාර්ලිමේන්තු කමිටුවල සාමාජිකයන් කර කමිටු හරහා තාරුණ්‍යයේ හඬ ඉදිරිපත් කර ප්‍රතිපත්ති සම්පාදනයට අවස්ථාව දුන්නත් ජවිපේ ආණ්ඩුව හරහා ඒ සියල්ල අහෝසි කළ බවත් දැන් කාරක සභාවල තරුණ සහභාගීත්වය නොමැති බවත් මීට පෙර ගමේ යෞවන සමාජය නිර්මාණය වන්නේ ජාති ආගම් පක්ෂ පන්ති භේදයෙන් තොරව වුවත් ජවිපේ රජය තුළ ඒ සියල්ල ජවිපේකරණය වී ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ සහ අනුර කුමාර දිසානායක අතර වෙනසක් නොමැති බවත් මේ දෙදෙනාම කළේ රාජ්‍යත්වය මූලික කර ගත් ඒකාධිපතීත්වය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ දී සමගි තරුණ බලවේගයේ පළාත් පාලන තරුණ සංසදය සමග පැවැති වැඩමුළුවකදීය.
සිවිල් ආරක්ෂක කමිටුවල සංයුතිය පවා අද රජය තීරණය කරන බවත් ජවිපේ මූලස්ථානය මේ සියල්ල තීන්දු තීරණය කරන බවත් තරුණයන් අවස්ථා ගණනාවකදී රැවටුණු බවත් එයට ප්‍රධාන හේතුව සත්‍යට සමාජයේ තැනක් නොමැති නිසා බවත් ව්‍යාජ සිහින සහ මායාවලට තරුණයන් රැවටෙන බවත් සමගි ජන බලවේගයේ විෂන් එක වන්නේ තාරුණ්‍යය සවිබල ගැන්වීම බවත් මිෂන් එක වන්නේ තාරුණ්‍යය සෑම අතින්ම සවිබල ගැන්වීමට සහාය දීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
තරුණයන්ගේ අයිතිවාසිකම් ද මූලික අයිතිවාසිකම් විය යුතුයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මානව අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් කොටසේ තරුණයන්ගේ අයිතිවාසිකම් දක්නට නොමැති බවත් 6 වැනි පරිච්ඡේදයේ සුළු කොටසක අයිතිවාසිකම් දක්නට ලැබුණත් ඒවා අධිකරණයේ අභියෝග කළ නොහැකි නිසා සමගි ජන බලවේග රජයක් තුළ තරුණයන්ගේ අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා මූලික අයිතිවාසිකමක් බවට පත් කරන බවත් තාරුණ්‍යය ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ කර ගන්නා බවත් කවුරු කුමන විහිලු කළත් ඉංග්‍රීසි භාෂා තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
උපාධිධාරීන්ට අත්තටු දෙනවා කියා අයවැයේදී අත්තටු කැපුවා
අත්තටු දෙනවා කියා මැතිවරණ වේදිකාවේ රැකියා විරහිත උපාධිධාරීන් රවටා ඡන්දය ගෙන දැන් ඔවුන්ගේ අත්තටු කපා ඇති බවත් අයවැය ඉදිරිපත් කරන විට ජනාධිපතිවරයා උද්දච්ච ලෙස කතා කළ හැකි සැමටම දැකගත හැකි වූ බවත් රාජ්‍ය සේවකයන්ට පවා දැන් උන්හිටිතැන් අමතක කර ඇති බවත් රාජ්‍ය සේවය පවා හිසරදයක් ලෙස වත්මන් රජය දකින දෙබිඩි දිව හතේ දේශපාලනයක් රටේ ඇති බවත් සමගි ජන බලවේගය පරාජය වුණේ ඇත්ත කතා කළ නිසා බවත් ආණ්ඩුව මෙන් බොරු කිව්වා නම් දිනන්න හැකියාව තිබූ බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
අරගලයේ සැබෑ අරමුණු ඉටු වූවාද?
අරගල සමයේ විවිධ කණ්ඩායම් තමා හමු වූ බවත් ඒ වනතුරු ඔවුන් ජන අරගලයෙන් පසු ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නොදැන සිටි බවත් ඒ නිසා අරගලයේ සැබෑ ප්‍රතිඵල ලැබුනාද කියා ගැටලුවක් ඇති බවත් පොලිම් යුගය නිසා අරගලය ඇති වී රට බංකොලොත් කළ පාලකයන් නීතිය ඉදිරියට ආවාද නැතිනම් ටික කාලයකට ආරක්ෂා වූවාද කියා ගැටලුවක් ඇති බවත් එදා වෙනසක් කරන්න වුවමනාවක් තිබුණත් වෙනස කරන්නේ කොහොමද කියා ජනතාවට අවබෝධයක් නොතිබූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මහජන නියෝජිතයන් දැනුමින් සන්නද්ධ විය යුතුයි
මහජන නියෝජිතවරුන් දැනුමින් සන්නද්ධ විය යුතු බවත් හරියාකාරව දැනුම ලැබූ පසු ප්‍රතිපත්ති සම්පාදනය තුළ හරාත්මක ගුණාත්මක ධනාත්මක දායකත්වයක් ලබා දිය හැකි බවත් විසර්ජන කෙටුම්පත සහ අයවැය යෝජනාව ලෙස අයවැයක් තුළ කොටස් 02ක් ඇති බවත් විසන්ජන කෙටුම්පතින් වෙන් වූ මුදල් ප්‍රමාණය සහ අයවැය යෝජනා තුළින් සිදු වූ මුදල් වෙන් කිරීම එකතු වූ පසු අයවැයක් ලෙස හදුන්වන බවත් නමුත් හැමෝගෙම අවධානය යොමු වන්නේ අයවැය කතාවට බවත් විසර්ජන කෙටුම්පතට අවධානය යොමු නොකරන බවත් මේ අවබෝධය තිබිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දූපත් මානසිකත්වයෙන් බැහැර විය යුතුයි
අප රටේ නව දැනුම ලබා ගන්න ඇති රුචිකත්වය පහළ මට්ටමක ඇති බවත් මෙයට හේතුව දූපත් මානසිකත්වය බවත් විය යුත්තේ මේ දූපත් මානසිකත්වය බැහැර කර ලෝකයේ අනෙකුත් රටවල් සමඟ තරග කර ගණුදෙනු කර රටක් ලෙස ඉහළ මට්ටමකට පැමිණිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අපේ මතය මැද මාවතයි
ධනය උත්පාදනය සම්බන්ධයෙන් ලෝකය තුළ ඇති ප්‍රධාන හොඳම ක්‍රමය වන්නේ ධනවාදය බවත් ධනවාදය තුළින් ධනය උත්පාදනය කරන විට ඇති හැකි නැති බැරි පරතරය නිර්මාණය වන නිසා මානුෂීය ධනවාදය සමගි ජන බලවේගය පිළිගන්නා බවත් මෙසේ උත්පාදනය කරන ධනය විෂමතාවකින් තොරව බෙදා හැරීමට සමාජ ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය බවත් එහි දී සීමාසහිතව රජය මැදිහත් වී මේ බෙදීම අවම කරන බවත් නිදහස් සෞඛ්‍ය, නිදහස් අධ්‍යාපනය, කෘෂි-සේවා-කර්මාන්ත ආදී ක්ෂේත්‍රවලට ලබා දෙන ආධාර ආදිය මෙයට උදාහරණ බවත් සමගි ජන බලවේගයේ මතය වන්නේ මානුෂීය ධනවාදය තුළින් ධනය උත්පාදනය කර සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හරහා එකී ධනය බෙදා හැරීම බවත් එය මැද මාවත හෙවත් තුන්වෙනි මාවත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමගි ජන බලවේගයෙ ආර්ථික ප්‍රතිපත්තිය වඩාත් ප්‍රායෝගික නිවැරදි පිරිසුදු එකක
රට තුළ නිදහස් සෞඛ්‍ය, නිදහස් අධ්‍යාපනය ඇති බවත් මහපොළ ශිෂ්‍යත්වය පවා මුදල් ලැබෙන්නේ රාජ්‍ය ආදායමින් බවත් රාජ්‍ය ආදායම වන්නේ සෘජු හා වක්‍ර බදු බවත් මේ බදු එන්නේ ගෘහ ඒකක, තනි පුද්ගල, කර්මාන්ත හා ව්‍යවසායකයන් මුදල් උපයා ගෙවන බදු නිසා බවත් පාසල් විශ්වවිද්‍යාල රෝහල පද්ධතිය නඩත්තු වන්නේ මේ නිසා බවත් රටක ආර්ථික ප්‍රතිපත්තිය ගැන කතා කරන විට සමගි ජන බලවේගයෙ ආර්ථික ප්‍රතිපත්තිය වඩාත් ප්‍රායෝගික නිවැරදි පිරිසුදු එකක් බවත් සමාජය කියන පිරමීඩයේ පහළ සිට ඉහළටත් ඉහළ සිට පහළටත් ජීවත් විය හැකි ආර්ථික රටාව නිර්මාණය වන්නේ මේ මැද මාවත නිසා බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
NEWS CLIP 🧧 https://youtu.be/GJVek60rWAI?si=qyosCXZAtnnKmTRx

